දේශීය

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 5,0027 දෙනකු ඉකුත් ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් පුද්ගලයන් 43,000කට පොලිසිය විසින් නඩු පවරා අවසන් කර තිබෙන අතර, තවත් පුද්ගලයන් 7,000 කට නඩු පැවරීමට නියමිතව ඇත.

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 190 දෙනකු ඊයේ (15) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (15) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුව වීමට සහ පිටවීමට උත්සාහ කළ පුද්ගලයන් 928 දෙනකුට පොලිසිය විසින් අවවාද කොට ඔවුන් පැමිණි වාහන 413ක් සමඟ ආපසු හරවා යවා තිබේ.

Related posts

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක් වාර්තා වෙයි

Mohamed Dilsad

කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් පහර දීමක්

Mohamed Dilsad

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අතුරුගිරිය පොලීසියේ තුනකට ස්ථාන මාරු

Editor O

Leave a Comment