දේශීය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැකියා බලපත්‍ර ලබාදීම බහරේනය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබේ.

කෙසේ වෙතත් අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට

Editor O

මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයා රට පුරා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment