දේශීය

අයහපත් කාළගුණයෙන් 130,000 ක් දැඩි පීඩාවට

(UTV | කොළඹ) – අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 05 ක පවුල් 31,303 කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පීඩාවට පත්ව ඇත.   

එමෙන්ම, අවතැන් කඳවුරු 27 ක ආපදාවට ලක්වූවන් 5067 දෙනෙකු රඳවා ඇත.

පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර, පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 5ක්.

අර්ධ හානි වූ නිවාස 317ක් ද පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නිකුත් කර ඇති නායයාමේ අවදානම තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මකයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Related posts

පැන්ඩෝරා ලේඛන : හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ නමත්

Mohamed Dilsad

පාතාලය මඩින අලුත්ම ක්‍රමය

Mohamed Dilsad

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment