දේශීය

ගුවන් තොට විවෘත කිරීමත් සමග කටාර් සිට ගුවන් යානා 02 ක් කටුනායකට

(UTV | කොළඹ) – දේශීය සහ විදේශීය මගීන් සදහා මෙරටට පැමිණීමට දින 10 ක කාලයක් පුරා පැවති තාවකාලික තහනම අද (01) ඉවත් කළේය.   

ශ්‍රී ලංකාව යළි මෙරටට පැමිණෙන ගුවන් මගීන් සදහා විවෘත කිරීමෙන් පසු ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක්.

එය අද අලුයම 02.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 53 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර එම ගුවන් මගීන් පිරිස අතර විදේශීය ගුවන් මගීන් ද සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන කළේය.

මෙම ගුවන් යානයට පසු අද අලූයම 04.05 යලිත් කටාර් රාජ්‍යයේ දෝහා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 116 දෙනෙකු පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ගුවන් තොටුපල විවෘත වුවද ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සිට පැමිණෙන්නන්ට මෙරටට ඇතුලුවීම තවදුරටත් තහනම් වනු ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

Editor O

කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්

Mohamed Dilsad

Leave a Comment