දේශීය

බද්දේගම සමිත හිමි අපවත් වෙයි

(UTV | මාතර) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අද අලුයම අපවත් විය.  

කොවිඩ් 19 වෛරසය වැළඳී මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ මෙලෙස අපවත් වී තිබේ.

ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය.

2001 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවද නියෝජනය කල බද්දේගම සමිත හිමියන් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළහ.

Related posts

ශානි රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලයි

Mohamed Dilsad

විදුලි බිල වැඩි කිරීම ගැන රංජිත් බණ්ඩාර ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පේසාලේ දේවස්ථානයට පැමිණි සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment