දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දමයි

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.  

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සාගර පරිසර පද්ධතියට සිදු වූ හානි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ සහය ලබා ගැනීමට අවධානය යොමු වී තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව සොයා බැලීමට මෙරට නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද මේ පිළිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට නියමිතව ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

මේ අතර වෙරළ කලාපයට සිදුව ඇති හානිය පිළිබඳව කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

නාරා ආයතනයේ මූලිකත්වයෙන් සිදු කරන එම විමර්ශන කණ්ඩායම්වලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් ඇතුළත්ය.

මේ අතර සාගරයට සිදුව ඇති හානිය පිළිබඳ අධ්‍යයනය කිරීමට සමුද්‍රිකා නෞකාව යොදා ගනිමින් ජල සාම්පල ලබා ගැනීමට අපේක්ෂා කරන බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේය.

Related posts

හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

Mohamed Dilsad

පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නැයි අන්තරයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පාඨලීගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment