විදෙස්

ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක්

(UTV | ගාසා තීරය) – ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක් ඇති කරගෙන තිබෙන අතර , අද අලුයම 02 සිට එය බලාත්මක වීම ආරම්භ විය.  

ඊශ්‍රායල – පලස්තීන සටන්කාමීන් මෙන්ම අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින්ද සටන් විරාමය තහවුරු කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව දින 11 ක් පුරා පැවති ගැටුම් නතරවන අතර මෙම කාලය තුළදී ගාසා තීරයේ පුද්ගලයන් 232 දෙනෙකු සහ ඊශ්‍රායලයේ පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබුණි.

මෙම සටන් විරාමය ඊජිප්තුව විසින් යෝජනා කර තිබූ අතර එහි කිසිදු පූර්ව කොන්දේසියක් අන්තර්ගත නොවීම විශේෂත්වයක්.

Related posts

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු ඉඩම් මුදා ගන්න බවට ඇමරිකානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

Leave a Comment