දේශීය

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් නවදිල්ලි නුවර සිට ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුලුව මගීන් 35 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් සේවයේ යානයක් අද අලුයම නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.   

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සිට ගුවන් මගීන් ගෙන්වීම අත්හිටුවා ඇති අවස්ථාවක මෙලෙස විදේශ අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත මෙම පිරිස මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි පිරිස අතර ඉන්දීය ජාතික ගුවන් මගීන් 16 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම පිරිස යුද හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ තීරණය අද

Mohamed Dilsad

ස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපති

Editor O

Leave a Comment