දේශීය

වරාය නගර පනත ගැන විවාදය අද

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය.    

ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ විවාදය පැවැත්වේ.

විවාදය අවසානයේ ඡන්ද විමසීම හෙට (20) පස්වරුවේ පැවැත්වීමට සැලසුම්කර තිබේ.

විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ප්‍රථමයෙන්ම සභාව ඇමතීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර එම කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද පැවති අතර එහිදී අදාළ පනතට සංශෝධන සහිතව අමාත්‍යම මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

Related posts

මනූෂ සහ හරීන් ගොනු කළ පෙත්සම් විභාග කෙරේ

Mohamed Dilsad

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

මහනුවර ඇසළ මංගල්‍යයේ සිව් මහා දේවාල කප් සිටුවයි

Mohamed Dilsad

Leave a Comment