විදෙස්

එංගලන්තයේ අගුලු දැමීමේ නීති මාස ගණනකට පසුව ලිහිල් කරයි

(UTV | එංගලන්තය) – කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් මාස 6 කට අධික කාලයක් අගුලූ දමා තිබූ එංගලන්තය, වේල්සය හා ස්කොට්ලන්තයේ බොහෝ ප‍්‍රදේශවල එම අගුලු දැමීම ඊයේ දිනයේ (17) ලිහිල් කිරීමත් සමගම මිලියන ගණනක ජනතාවට සීමිත සංඛ්‍යාවක් සමග නිවෙස් තුළ හා ඉන් පිටත රැස්වීමටත් සිය ආදරණීයයන් වැළඳ ගැනීමට හා හෝටල් හා තානායම් වෙත ගොස් ආහාර පාන ගැනීමේ අවස්ථාව හිමිවිය.     

එංගලන්තයේ පැතිර ගිය කොරෝනා වසංගත රැල්ල පාලනය කිරීමත් සමගම මෙසේ අගුලු දැමීමේ නීති රීති ලිහිල් කිරීමට එංගලන්ත රජය විසින් පියවර ගත් අතර මෙතෙක් එංගලන්ත වැසියන්ට පනවා තිබූ විදෙස් රටවල සංචාරය කිරීමේ තහනම ඉවත්කර ඒ වෙනුවට නව නීති හඳුන්වා දී තිබේ.

අගුලු දැමීම ලිහිල් කළද නැවත කොරෝනා වසංගතය මතු වීම වැළැක්වීමේ බලය ඇත්තේ මහජනතාවට බවත් ජනතාව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් තවදුරටත් කටයුතු කළ යුතු බව එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ.

මේ අතර එංගලන්තයේ ප‍්‍රදේශ කිහිපයක ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පැවතියදී එංගලන්තයේ කොරෝනා අගුලු දැමීම් ලිහිල් කිරීම පිළිබඳව එංගලන්ත වෛද්‍ය සංගමය සිය කණස්සල්ල පළකර තිබේ.

 

 

Related posts

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

Mohamed Dilsad

මෝදි අමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

Mohamed Dilsad

Leave a Comment