දේශීය

සංචරණ සීමා ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය විසින් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.   

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කර තිබේ.

එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර ඇති අතර ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මේ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය.

එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

 

Related posts

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ජයන්ත ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අද මේ දක්වා කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment