Trending News

ලොවම යහපත් කළ හැකි බුදු දහමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

(උදයම්,කොළඹ)  – රට යහපත් කිරීමට මෙන්ම ලෝකයේ ගැටුම් නිරාකරණය කිරීමටත් යහපත් සමාජයක් ගොඩනැගීමටත් බෞද්ධ දර්ශනය වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

එක්සත් ජාතින්ගේ 14 වැනි වෙසක් දින් සැමරුම් උළෙල සහ බෞද්ධ සම්මේලනය අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලවේදී පැවති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ වෙසක් දිනය මුල් කරගෙන වෙසක්  සතියක් සැමරීම වැදගත් වන අතර අද දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින උත්සව සභාව ඇමතීමට හැකි වී ගැන සතුටට පත් බව ද එතුමා ප්‍ර‍කාශ කළේය.

ඉතිහාසය පුරා තිබෙන සබඳතාවය මෙතැකැය කීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මිහිදු හිමියන්ගේ, සංඝමිත්තා තෙරණිය මෙරට වැඩම කරවීමේ සිට බෞද්ධ දර්ශනය සමඟ ඉන්දියාව සමඟ ශ්‍රී ලංකා මිත්‍ර‍ත්වය  ඈත අතීතයට ගෙන යන බව ද සඳහන් කළේය.

එදා මෙන් අද ද බෞද්ධ දර්ශනයේ පණවුඩය මහාභරයේ රාජ්‍ය නායකය ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යතුමා වෙසක් පණිවුඩය රැගෙන පැමිණ සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලෝකයේ ආර්ථික,  සමාජීය, දේශාපාලනික හා සංස්කෘතික ප්‍රශ්න ගත් විට සියල්ලට විසඳුම් ථේරවාදි බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දී තිබෙන බවත් ධර්මයෙන් ජීවත් වන්නා ධර්මයෙන් ආරක්ෂා කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

කෙනෙකුගේ උපතින් පසුව ඔහුගේ ක්‍රියාකාරිත්ය අතුළ බමුණෙක් ද තාපසයෙක් ද කියාලා තීරණය වන්නේ.

ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ දර්ශනයේ පණිවුඩය දීම තුළ අද බොහෝ ගැටුම් නිරාකරණය කිරීමටත් මිනිසා යහපත් කිරීමටත්, මිනිසාගේ ජීවිතය ආලෝකමත් කිරීමටත් බෞද්ධ දර්ශනයෙන් දෙන පණිඩුඩය මෙතැකැයි කිව නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එ.ජ. වෙසක් දිනය නම් කිරීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා එවකට විදේශ ඇමැති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ කාලයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය නම් කිරීම තුළ බෞද්ධාගම පිළිබඳ ලෝකයේ අවධානය බෞද්ධ නොවන ප්‍ර‍ජාවගේද අවධානයට යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බටහිර දාර්ශනිකයින් බෞද්ධ දර්ශනය සමඟ බටහිර ලෝකයේද බෞද්ධ දර්ශනය ප්‍ර‍චලිත කිරීමට යොමු වූ බවත් අපට පමණක් නොවන මුළු ලෝක ප්‍ර‍ජවටම බෞද්ධ දර්ශනය වැදගත් බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

Related posts

IAEA extends support to Sri Lanka’s development

Mohamed Dilsad

Sri Lanka fails to show progress in 2018 Corruption Index

Mohamed Dilsad

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment