ක්‍රීඩා

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට එරෙහි සටන වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලක් පරිත්‍යාග කර ඇත.  

සන් ටී.වී. මාධ්‍ය ජාලය විසින් සන්රයිසස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබයි.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිතුක් කරමින් එම කණ්ඩායමේ හිමිකරුවන් සඳහන් කළේ කොරෝනා වසංගතයට එරෙහි ඉන්දීය රජයේ සහ ප්‍රාන්ත රජයන්හි වැඩසටහන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.

Related posts

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

සිම්බාබ්වේට ඓතිහාසික ටෙස්ට් ජයක්

Mohamed Dilsad

Leave a Comment