විදෙස්

ජෝ බයිඩ්න්ගෙන් ඓතිහාසික තීන්දුවක්

(UTV | ඇමරිකාව) – අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් ලබාදීම පහසු කළ හැකි වන පරිදි බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය ලබාදෙන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද (06) ප්‍රකාශ කර ඇත.  

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත්, දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගම් මෙම බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට මේ දක්වා එකඟතාව පළ කර නොමැත.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයා මෙම පේටන්ට් හෙවත් බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය පළ කිරීමත් සමඟ අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිගේ මෙම තීරණය ඓතිහාසික තීන්දුවක් බවයි.

 

 

 

Related posts

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය

Mohamed Dilsad

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

Mohamed Dilsad

ධවල මන්දිරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment