දේශීය

ස්පුට්නික් එන්නත් 15,000 ක් දිවයිනට

(UTV| කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.  

15,000කින් සමන්විත එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැමිණ තිබුණි.

එන්නත් තොගය භාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.

Related posts

ගෑස් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

මැතිවරණය පිලිබඳ මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජාතික විදුලි ඉල්ලුම යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment