දේශීය

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

(UTV | පුත්තලම) – ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.    

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව ආගමන විගමන නීතින් යටතේ අද දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම්හි සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟින් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා අලුයමයි.

අනතුරුව පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ඔවුන්ව පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් සොයාගනු ලැබීමෙන් පසු නිරෝධායනයට යොමු කෙරුණි.

කෙසේවෙතත් එම කාන්තාව අද පෙරවරුවේ පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීතින් උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේය.

Related posts

අය-වැය ඉදිරිපත් කිරීම ඇරඹේ – සජීවී විකාශය මෙතනින්

Editor O

රට පුරා පොලිස් ඇදිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O

Leave a Comment