දේශීය

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට සිට

(UTV | කොළඹ) – ඔක්ස්වර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.   

සෞඛ්‍ය සේවකයින්ට එහිදී ප්‍රමුඛතාව ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර , මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 997 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම ගණන 173 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් 92ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 86ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 66ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් 74 ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 59 ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.

 

 

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

මැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment