දේශීය

රාජ්‍ය සේවකයන් කැඳවන ආකාරය පිළිබද තීරණය ලබන සතියේ

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

තුන්වන අවදානම් මට්ටම මත පදනම්ව ලබන මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදු කළයුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහි දැක්වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර ඇති අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවයි.

Related posts

අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

Mohamed Dilsad

විදෙස් ගතව සිටින ලාංකිකයින් යළි පැමිණීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment