දේශීය

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත දූත පිරිසක් පාකිස්තානයේ සංචාරයක

(UTV| පාකිස්තානය) – පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දැක්මෙන්, බෞද්ධ ආගමික සංචාරය දියුණු කිරීමේ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට බෞද්ධ භික්ෂූන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් 2021 අප්‍රේල් 19 සිට 26 දක්වා පාකිස්තානයේ සංචාරයක නිරත වනු ඇත.    

පකිස්තාන ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට අමතරව, දූත පිරිස ටැක්සිලාහි ගන්ධාර ශිෂ්ටාචාරයේ උරුම ස්ථාන, මර්ඩාන්හි ස්වට් සහ තක්ත්-ඉ-බාහි යන ස්ථානවල සංචාරය කිරීමට නියමිත අතර ලාහෝර් සහ ඉස්ලාමාබාද්හි විවිධ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසුව පාකිස්තානයේ ආගමික සංචාරය ප්‍රවර්ධනය කිරීම සහ පාකිස්තානය සහ ශ්‍රී ලාංකික ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඉහළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා 2021 අප්‍රේල් 19 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී නියෝජිත දූත පිරිස හමුවී මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ට බෞද්ධ භික්ෂූන් දක්වන උනන්දුව ඔහු අගය කළේය.

Related posts

සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් නිලධාරිනියක් අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 25ක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

Leave a Comment