විදෙස්

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙසට සුදු ජාතික පොලිස් නිලධාරියා තීන්දු කරයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර ඇත.   

පසුගිය වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල ප්‍රදේශයට දණහිස තබා මරණයට පත්කිරීමේ චෝදනාවට වරදකරු තකර ඇති බව සඳහන් වෙයි.

මෙම ඝාතනය 2020 වසරේ මැයි මස 20 වෙනිදා සිදුවූ අතර එමගින් ලොවපුරා දැඩි විරෝධතා රැල්ලක් ඇතිවිය.

අදාළ නඩු විභාගය සති කාලයක් පැවැති අතර එහි තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව , ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ චූදිතයා වන පොලිස් නිලධාරි ඩෙරික් ඩාවින්ට එරෙහිව නගා ඇති චෝදනා 03ට වරදකරුවන් බවට පත්කරමින් එරට අධිකරණයක් විසින් ඔහුට වසර 75ක සිරදඬුවමක් නියම කර ඇත.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි ජනතාව හඬ නගමින් සිය සතුට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

Related posts

සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

ජපාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසේ

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment