දේශීය

කාදිනල් හිමිගේ ඉල්ලීමට මුස්ලිම් කවුන්සිලයේ පූර්ණ සහයෝගය

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන අනුස්මරණය යෙදී ඇති අද (21) දිනයේදී විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කල ඉල්ලීමට පූර්ණ සහය පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි.    

පාස්කු ප්‍රහාරයට ගොඳුරු වූවන් සිහි කිරීම සඳහා අද උදෑසන 8.45 ට මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහි උප සභාපති හිල්මි අහමඩ් මහතා අදාළ නිවේදනයෙන් සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා සැබෑ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජයේ වගකීම බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක්‍රියාව මුස්ලිම් සමාජය ප්‍රතික්ෂේප කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.

 

Related posts

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

Mohamed Dilsad

ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට

Mohamed Dilsad

ජනාධිපති කාර්යාලයේ භාවිතයට, වෙනත් රාජ්‍ය ආයතනවලින් ලබාගෙන තිබූ වාහන යළි එම ආයතන වෙත බාර දෙයි.

Editor O

Leave a Comment