දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් සපිරෙයි.  

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීයිතක්ෂයට පත්වූවන් 260 කට අධිකයි. විදේශිකයන් 40ක් සහ දරුවන් 45 ක් ද ඒ අතර විය.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වූ අතර, 8.45 ට විනාඩි දෙකක නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ පස්වරු 4 සිට අද දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර ඇත.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර , මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ දේව මෙහෙයක් සූදානම් කර තිබේ.

ඊට අමතරව දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර, කතෝලික සභාව යටතේ පාලනය වන සියලු පාසල්වලට අද නිවාඩු ලබාදෙන බවද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේය.

දිවයින පුරා සියලුම දේවස්ථාන වෙත ආරක්ෂාව ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න – තීරණය හෙට

Mohamed Dilsad

වෙළෙඳ භාණ්ඩ අපනයන ඩොලර් බිලියනය ඉක්මවයි

Mohamed Dilsad

රේගු බදු වංචාකරන පාර්ශ්වයන්ගේ විස්තර ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment