දේශීය

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

(UTV | කොළඹ) –  ගතවූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 දෙනෙකු කොරෝනා අසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, විශාල වශයෙන් පිට රටින් එන අයගෙන් කොවිඩ් ආසාදිතයින් සොයා ගැනීම යම් කිසි ආකාරයක රටට කොව්ඩ් ඇතුළු වීමේ තර්ජනයක් තිබෙන බවට පෙනෙන්නට තිබෙන බවය.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 07ක් වාර්තා වූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂික මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

Mohamed Dilsad

ඊයේ වැඩි ම ආසාදිතයින් කළුතරෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

Leave a Comment