දේශීය

5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ප්‍රතිලාභී පවුල් කාණ්ඩ 7 ක් තෝරාගෙන ඇති බවයි.  

සමෘද්ධිලාභී පවුල්,

අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,

වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,

ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,

වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,

සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ
ඉහත සඳහන් පවුල් කාණ්ඩ 6 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතව තිබේ.

එම දීමනාව ගෙවීමේදී ඉහත සඳහන් ප්‍රතිලාභීන් සිටින පවුලකට රුපියල් 5000 ක් පමණක් ලැබෙන සේ ගෙවීම කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, යම් පවුලකට සමෘද්ධි හිමිකම් ලැබේ නම් හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයෙක් වේ නම්, එම පවුලට එක් රුපියල් 5000 දීමනාවක් පමණක් හිමිවන බවයි.

Related posts

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

Editor O

උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment