දේශීය

අද පස්වරු කාලයේ ප්‍රදේශ කීපයකට තද වැසි

(UTV | කොළඹ) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව දන්වා ඇත.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (11) දහවල් 12:11 ට හෙලම්බෑව, මදුරුපිටිගම, රොටවැව, කහටගස්දිගිලිය, ගන්තලාව, නාලම් වයික්කාල් සහ උප්පුරාල් යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Related posts

මීගහකිවුල, මොරහෙල ප්‍රදේශයේ නායයෑමක්

Editor O

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

Mohamed Dilsad

Leave a Comment