දේශීය

වෙළඳපොලෙන් ගත් පොල්තෙල් සාම්පල 109ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

(UTV | කොළඹ) – වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට අනාවරණ වූ බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.   

පාරිභෝගික අධිකාරිය, වෙළඳපොලෙන් අදාළ සාම්පල ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සමාගම් 3 ක් විසින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිලිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණය ඇතුළු ආයතන 3 ක් මගින් පසුගියදා තහවුරු කළ අතර, ඉන් එක් සමාගමක පොල්තෙල් බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනයට වරාය පර්යන්ත වෙත පසුගිය 6 වනදා යොමුකළ ද මේ දක්වා ඒවා නැව්ගත කර නැහැ.

කෙසේ වෙතත්, සෙසු සමාගම්වල තෙල් තොග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තවදුරටත් එම ගබඩාවලට මුද්‍රා තබා තබා ඇත.

Related posts

කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

තවත් එන්නත් ලක්ෂ පහක් 25 වනදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment