දේශීය

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

(UTV| කොළඹ) – ඉන්දියාවේදී මියගිය පාතාල කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ සංවිධානාත්මක අපරාධකරුවකු වන 44 හැවිරිදි සරත් කුමාර හෙවත් චීටි මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.   

සැකකරු භූගත බංකරයක සැගවී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොහු වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 112 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ 9 වන සැකකරු ද වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 

 

 

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

Mohamed Dilsad

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment