දේශීය

‘තංගල්ලේ සුද්දා’ මීගමුවේදී STF අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීප් හෙවත් තංගල්ලේ සුද්දා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් ඊයේ (08) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

39 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුට මාතර – මිරිස්ස ප්‍රදේශයේදී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට තැත් කිරීම, 2006-2007 වසරවල මාතර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඇතුලු චෝදනා රැසක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

 

Related posts

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

Leave a Comment