දේශීය

‘තංගල්ලේ සුද්දා’ මීගමුවේදී STF අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීප් හෙවත් තංගල්ලේ සුද්දා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් ඊයේ (08) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

39 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුට මාතර – මිරිස්ස ප්‍රදේශයේදී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට තැත් කිරීම, 2006-2007 වසරවල මාතර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඇතුලු චෝදනා රැසක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

 

Related posts

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

Mohamed Dilsad

ලොකු ලූණු තවත් ගණන් යයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment