ගොසිප්

සහල් කිලෝ 3 ක් පවුලකට සති දෙකකට කන්න පුළුවන් – බන්දුල කියයි

(UTV | කොළඹ) – සහල් කිලෝග්‍රෑම් තුනක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියි.  

එක් පවුලකට රුපියල් දහසේ සහන මල්ලක් පමණක් දෙන්නේ එම නිසා බවත් වෙළෙඳ ඇමැතිවරයා පවසා සිටියේය.

සහල් කිලෝගෑම් තුනක්, පරිප්පු කිලෝග්‍රෑම් එකක්, සීනි කිලෝග්‍රෑම් එකක්, පිටි සහ ලුණු කිලෝග්‍රෑම් එකක් ඇතුළු කිලෝග්‍රෑම් හතක බඩු ප්‍රමාණයක් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් රුපියල් දහසක් වැනි සුළු මුදලකට ලබාදීම, වෙළෙඳසලකට ගොස් බඩු බාහිරාදිය මිලදී ගෙන නැති පුද්ගලයකුට විශාල පුදුමයක් විය හැකි බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

සතොස ආයතනයෙන් මෙම සහන මල්ල ලබාදෙන මුදලටත් වඩා අඩු මුදලකට වෙනත් පෞද්ගලික වෙළඳසල්වලින් මෙම බඩු මල්ල පාරිභෝගික ජනතාවට ලබාදෙනවානම් ඒ පිළිබඳව සතුටු වන බවත් ඇමැතිවරයා කියයි.

ජනතාවට ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක බඩු බාහිරාදිය පමණක් ලබාදෙන ලෙස තමන් එලෙස අඩු මුදලකට සහන මලු ලබාදෙන වෙළෙඳසල්වලින් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Related posts

නවීන් දිසානායක සිරිකොතෙන් පිටවෙයි

Mohamed Dilsad

වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

Leave a Comment