විදෙස්

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

(UTV | බ්‍රසීලය) – පළමු වරට පැය 24 ක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් ආශ්‍රිත මරණ 4,000 කට වඩා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  

රෝහල් තදබදයෙන් පිරී ඇති අතර ඇතැම් නගරවල ප්‍රතිකාර සඳහා ජනතාව බලා සිටින අතරතුර මිනිසුන් මිය යන බවද වාර්තා වෙයි.

එරට සෞඛ්‍ය පද්ධතිය බොහෝ ප්‍රදේශවල බිඳවැටීමේ අනතුරුදායක තත්ත්වයක පවතින බවද සඳහන්.

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වන ඕනෑම අගුලු දැමීමේ පියවරකට ජනාධිපති බොල්සනාරෝ දිගින් දිගටම විරුද්ධ වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, පළාත් පාලන ආයතන විසින් අධිකරණය තුළ පනවා ඇති සමහර සීමාවන් ආපසු හැරවීමට ජනාධිපතිවරයා උත්සාහ කර ඇත.

 

Related posts

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

Mohamed Dilsad

අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

දකුණු ගාසා තීරයට රැගෙන යන ආධාර අතරමගදී කොල්ලකයි

Editor O

Leave a Comment