ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

(උදයම්,කොළඹ) – කොළඹදී හෙට (12) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළලට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11) පස්වරු 5.45ට දිවයිනට සැපැත් විය.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන් යානයේ පියගැටපෙළ පාමුලදී පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසිනි.

අනතුරුව දරුවෙකු සහ දැරියක විසින් බුලත් හුරුළු දී මෝදී මහතා පිළිගනු ලැබූ අතර ඔහු ගමන් ගත් රතු පලස දෙපස සිටි ගුවන් හමුදා බටයෝ ආචාර දැක්වූහ.

ඉන්පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විශේෂ අමුත්තන්ගේ පීටිකාව අසලදී මංගල සමරවී, නිමල් සිරිපාල ද සිල්වා, සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෝදී මහතාට හඳුන්වා දුන්නේය.

අනතුරුව ගුවන්තොටුපොළේ විශේෂ ආරාධිතයින්ගේ සමරු පොතේ සටහනක්ද තැබීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධූ ඇතුළු ඉන්දීය නිලධාරිහුද මෝදි මහතා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

ගුවන්තොටුපොළේ පැවැති කෙටි පිළිගැනීමේ උත්සවයෙන් පසු මෝදී මහතා රැගත් රිය පෙරහැර කොළඹ බලා පිටිත් විය.

Read 30 times

Related posts

අසාද් සාලිට එරෙහිව විශ්වාසභංගය අද සභාවට

Mohamed Dilsad

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment