දේශීය

නුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]

(UTV |  නුවරඑළිය) – නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.  

ඔවුන් ගමන් ගත් ත්‍රී රෝද රථය ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමනගත් කාන්තාවන් තිදෙනකු වන අතර ඔවුන් 51,52 සහ 20 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියැදුරා අසාධ්‍ය තත්ත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

 

Related posts

ලංකාවේ ආර්ථිකය ගැන IMF අනතුරු අගවයි

Mohamed Dilsad

වත්මන් ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා

Editor O

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න ගැන විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න

Editor O

Leave a Comment