ව්‍යාපාරික

ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරය රුපියල් 202 ඉක්මවයි

(UTV | කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය.   

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.

ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඉකුත් (17) වැනිදා 201 සීමාව ඉක්මවා පහළ ගියේය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.

 

Related posts

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

පිටරට ෆයිනස් වලට සෙස් බද්දක්

Mohamed Dilsad

Leave a Comment