දේශීය

ෆයිසර් සහ මොඩර්නා එන්නත් පළමු මාත්‍රාවෙන්ම ක්‍රියාකාරී වන බව හෙළිවේ

(UTV | කොළඹ) – අමෙරිකානු ෆයිසර් – බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු වෛරසය ආසාදනය වීම 80 % කින් වළක්වන බව නව අධ්‍යයනයකින් හෙළිවී ඇත.   

එමෙන්ම, එහි දෙවන මාත්‍රාව ලබාදීමෙන් 90 %ක රැකවරණයක් සැලසෙන බවයි සී.ඩී.සී හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළේය.

මෙම අධ්‍යයනය කටයුත්ත සඳහා එම එන්නත් ලබාදුන් 4000 ක් පමණ යොදාගෙන ඇත.

මේ අතර , කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදුකිරීමට හැකිවීම විශේෂත්වයක්.

එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

මෙම පරීක්ෂනය සඳහා ශ්‍රි ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍යයේ පර්යේෂකයින් කණ්ඩායමක් ද එක්ව සිටියහ.

 

Related posts

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

Editor O

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සීන් අවදානමක්

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

Leave a Comment