ක්‍රීඩා

තිසර පෙරේරා ලෝකයෙන්ම 9 වැන්නා වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය.  

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

පළමු පෙළ පිටියේදී එකම පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසින් තිසරගේ නම වාර්තා පොත් අතරට එක් වන්නේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රවී ශාස්ත්‍රි, හර්ෂල් ගිබ්ස්, යුවරාජ් සිං, රොස් වයිට්ල්, හස්රතුල්ලා සසායි, ලියෝ කාටර් සහ කිරන් පොලාර්ඩ් තිසර පෙර හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ වෙති.

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

Leave a Comment