දේශීය

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

(UTV | ඊජිප්තුව) – දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.   

MV Ever Given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් 30 % ක අධික ප්‍රමාණයක් ඇණ හිටිනු ලැබීය.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08 ක් එක්ව පුරා පැය 156 ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබී අවසන්.

මෙම නෞකාව මෙලෙස සිරවී තිබීම හේතුවෙන් නෞකා විශාල ප්‍රමාණයක ගමනාගමන කටයුතු ඇණ හිටියහ.

 

Related posts

වැලිසර නාවික හමුදා සෙබලුන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද

Mohamed Dilsad

සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Editor O

Leave a Comment