දේශීය

මුහුද ආශ්‍රිත තද සුළං – අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

(UTV | කොළඹ) – මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාම හමුවේ බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

ඊයේ (28) සිට දින තුනක කාලයක් එම නිවේදනය වලංගු වන අතරම ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැක.

ඒ සමග, එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 50 ත් 65ත් දක්වා තාවකාලිකව තද සුළං ද ඇතිවනු ඇති.

ඒ හේතුවෙන්, නාවික හා ධීවර ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

Mohamed Dilsad

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

Mohamed Dilsad

Leave a Comment