විදෙස්

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

(UTV | ඊජිප්තුව) – සෙනසුරාදා (27) ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ‘එවරග්‍රීන්’ බහාලුම් නෞකාව තවමත් ඊජිප්තුවේ සූවස් ඇළ හරහා සිරවී තිබේ.

කෙසේවෙතත් සූවස් බලධාරීන් පැවසුවේ යම් ප්‍රගතියක් ලබා ඇති හෙයින්, ඉරිදා (28) සවස් වන විට නැව යළිත් පාවී යා හැකි බවට ඔවුන් විශ්වාස කරන බවයි.

අඟහරුවාදා (23) සිට ‘එවරග්‍රීන්’ නෞකාව ලෝකයේ කාර්යබහුලම වෙළඳ මාර්ගවලින් එකක් වන සූවස් ඇළෙහි සිරවී ඇත.

ඒ හේතුවෙන්, නැව් 300 කට වැඩි ප්‍රමාණයක් අවහිරතාවයේ දෙපස සිරවී ඇති අතර ඇතැම් යාත්‍රාවලට අප්‍රිකාව වටා ගමන් කිරීමට සිදුවී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරයේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment