දේශීය

’ෆයිසර්’ සමඟ සාකච්ඡා සාර්ථකයි

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිස්පාදන සමාගම, ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වී, නිපදවා ඇති ‘ෆයිසර්’ එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවත්, ඉදිරි දින කීපයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹෙනු ඇති බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.    

මේ වනවිට නිපදවා ඇති වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ මෙම එන්නතය. මෙහි සාර්ථකත්වය 95 % කට වැඩිය.

‘ෆයිසර්’ එන්නත ද මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, එන්නත සම්බන්ධයෙන් ඇති ගැටලුව එන්නත ගබඩා කිරීමට අධි ශීතකරණ අවශ්‍ය වීම යැයි මහාචාර්ය ජයසුමන මහතා පැහැදිලි කරයි.

 

Related posts

මහින්දානන්ද ට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

Editor O

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment