විදෙස්

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

(UTV | චීනය) – චීනය විසින් අඟහරු මෙහෙයුමේ යොදවා සිටින ටියැන්වෙන් -1 අඟහරු නිරීක්ෂණ යානයෙන් ලබාගත් ග්‍රහයාගේ පැති රූප දෙකක් නිකුත් කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ඊයේ (26) කටයුතු කර ඇත.   

ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000 ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙලෙස එවා ඇත.

ටියැන්වෙන්-1 මාසයක් පුරා අඟහරු කක්ෂයේ ක්‍රියාත්මක වෙමින් පවතී. විවිධ විභේදන සහිත බහු කැමරා, ඛනිජ වර්ණාවලීක්ෂයක්, චුම්බක මානයක් සහ වෙනත් උපකරණ ඔස්සේ විද්‍යාත්මක ගවේෂණය ආරම්භ කළ මෙම යානය, රතු ග්‍රහලෝකයෙන් ලබාගත් දත්ත පෘථිවිය වෙත එවමින් සිටියි.

Related posts

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad

අයෝධ්‍යා සිද්ධස්ථානයේ තීන්දුව ප්‍රකාශයට

Mohamed Dilsad

ඉන්දියාවේ අගමැති අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment