දේශීය

අද දවසේ කාළගුණ තත්ත්වය මෙන්න

(UTV | කොළඹ) – අද (25) දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි අතර , නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල පෙරවරු කාලයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

 

 

 

Related posts

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

ලංකාවේ අනාගතය ගැන ලෝක බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

Leave a Comment