දේශීය

අද දවසේ කාළගුණ තත්ත්වය මෙන්න

(UTV | කොළඹ) – අද (25) දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි අතර , නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල පෙරවරු කාලයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

 

 

 

Related posts

රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමට

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවක

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

Mohamed Dilsad

Leave a Comment