දේශීය

ගෙවීගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමට අඛණ්ඩ මෙහෙයුමක්

(UTV | කොළඹ) – අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වාහන දෝශ හේතුවෙන් වාර්තා වන දෛනික මාරක රිය අනතුරු ගණන අඩුකිරීම මෙහි අරමුණ බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000 ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

Related posts

අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නව වෛරසය රටට ඇතුළුවීමේ අවධානමක්

Mohamed Dilsad

ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැහැ

Mohamed Dilsad

Leave a Comment