විදෙස්

මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුට

(UTV | මියන්මාරය) – මියන්මාර් විරෝධතාකරුවන් පෙට්‍රල් පිරවූ මොලටෝව් කොක්ටේල් නැමැති බෝම්බවලින් හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට හමුදා වෙඩි තැබීම්වලින් 200 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී තිබේ.

මියන්මාර් මාධ්‍ය පැවසූවේ කාලේ සහ යැංගුන් ප‍්‍රදේශවල හමුදාව සහ විරෝධතාකරුවන් අතර දිගටම ගැටුම් පැවති බවයි.

මේ අතර විරෝධතාකරුවන් විසින් මාර්ගවල අටවනු ලැබූ බාධක හමුදාව විසින් ගිනි තබා විනාශ කර ඇත. මියන් මාරයේ ගැටුම් සහ වෙඩි තැබීම් නතර කරන්නැයි පාප් වහන්සේ විරෝධතා කරුවන්ගෙන් සහ හමුදාවෙන් ඉල්ලා ඇතත් මෙතෙක් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.

 

Related posts

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්ත

Mohamed Dilsad

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment