දේශීය

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක මහතා පැවසුවේ හඳුනාගත් විශේෂ බන්ධනාගාර සදහා CCTV පද්ධති කඩිනමින් සවි කිරීමට උපදෙස් ලැබී ඇති බවය.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ කාන්තා අංශය, මීගමුව, මහර සහ කළුතර බන්ධනාගාරවල නුදුරු දිනකදී CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

Related posts

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව මත පටවා ඇති බදු අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Editor O

යානාවල තාක්ෂණික ගැටළු හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරයි.

Editor O

Leave a Comment