දේශීය

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක මහතා පැවසුවේ හඳුනාගත් විශේෂ බන්ධනාගාර සදහා CCTV පද්ධති කඩිනමින් සවි කිරීමට උපදෙස් ලැබී ඇති බවය.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ කාන්තා අංශය, මීගමුව, මහර සහ කළුතර බන්ධනාගාරවල නුදුරු දිනකදී CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

Related posts

තවත් කොවිඩ් මරණ 2ක්

Mohamed Dilsad

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත විශේෂ කාර්යය බලකාය

Editor O

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

Mohamed Dilsad

Leave a Comment