ක්‍රීඩා

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

(UTV | කොළඹ) – තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව්වෙන් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා Road Safety World Series තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.  

ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව Road Safety World Series තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලු තරග ජය ගැනීමට සමත් විය.

ඔවුන් Road Safety World Series තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සම්පූර්ණ තරග සංඛ්‍යාව 6ක් වන අතර, ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ජයගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි.

 

 

Related posts

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment