දේශීය

ගාල්ල බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන 30ක් හමු වෙයි

(UTV | ගාල්ල) – ගාල්ල බන්ධනාගාරය තුල නිරන්තර සෝදිසි මෙහෙයුම් කිරීමේ ප්‍රථිපලයක් වශයෙන් පසුගිය කාලය තුළ රැදවියන් සතුව තිබූ ජංගම දුරකථන 30 ක් පමණ සොයාගැනිමට හැකිවූ බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.  

එමෙන්ම බන්ධනාගාරය තුලට ඉතා සුක්ෂම ලෙස රැගෙන එමට උත්සාහ කළ ගංජා , දුම්කොළ ඇතුළු විෂ මත්ද්‍රව්‍යයද විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වල ප්‍රථිපලයක් වශයෙන් සොයාගැනීමට හැකිවූ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.

ගාල්ල නව බන්ධනාගාරඅධිකාරි ධුරයට මොහාන්දාස් නිමල් ශාන්ත මහතා පත්වීමත් සමග මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු වැඩිවශයෙන් සිදුකරනු ලැබීය.

එමෙන්ම රැදවියන්ගේ සුභ සාධනය වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

 

Related posts

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

Editor O

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment