දේශීය

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

(UTV | මොරවක) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3 ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දැමෙනු ඇත.

එමෙන්ම මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනීමත් සමග මෙම පියවරගෙන තිබේ.

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයට ඖෂධ බෙදා හැරීම Online ක්‍රමය හරහා

Mohamed Dilsad

මිළඟ ජනාධිපති කවුද…?

Editor O

පොලීසිය පවතින අවධානම යළි සිහිපත් කරයි

Mohamed Dilsad

Leave a Comment