දේශීය

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

(UTV | මොරවක) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3 ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දැමෙනු ඇත.

එමෙන්ම මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනීමත් සමග මෙම පියවරගෙන තිබේ.

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Related posts

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධිධාරීන්ගේ අයඳුම්පත් බාර ගන්නා දිනය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment