දේශීය

විදේශයන්හි සිට එන ලාංකිකයන් නිරෝධායන වන දින ගණන අඩු කරයි

(UTV | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 7 ක් දක්වා අඩු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.  

එමෙන්ම කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සිය නිවෙස් තුල නිරෝධායනය වීමට අවස්ථාව දෙන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 7 කට පසුව පිටත්කර යවන පුද්ගලයින් තවත් දින 7 ක කාලයක් නිවාස නිරෝධායනයේ සිටිය යුතු බවට වන කොන්දේසිය යටතේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

විදේශයන්හී සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් හෝටල් තුළ නිරෝධායනයවීමේදී මුහුණදීමට සිදුවන විවිධ අපහසුතාවන් පිළිබඳ සලකා මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ස්වාධීන වෙයි

Mohamed Dilsad

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

Leave a Comment