ක්‍රීඩා

බැඩ්මින්ටන් වැඩමුළුව 14 වනදා

(UTV| කොළඹ) – බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවක් මේ මස 14 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධ සියලුම පළාත් සහ අනු සංගම්වල පළමු මට්ටමේ සුදුසුකම් සහිත පුහුණුකරුවන්ට මෙන්ම හිටපු ජාතික ක්‍රීඩකයින්ටද මෙම වැඩමුළුව සඳහා අයැදුම් කළ හැකිය.

කොවිඩ්-19 වෛරසයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වනු ලබන මෙම වැඩමුළුවේදී අභිප්‍රේරණ කථිකයන් සහ පෝෂණ උපදේශකයෝ දේශන පවත්වති.

වැඩමුළුවට සහභාගි වන්නන් කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන කාර්යාලයේ පුහුණු හා ප්‍රවර්ධන කමිටුව වෙත හෝ info@srilankabadminton.lk යන විද්‍යුත් තැපෑලට තම අයදුම්පත් යොමුකළ යුතුය. 011-2689525 දුරකතන අංකය ඔස්සේ බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය ඇමතීමෙන් වැඩමුළුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 

Related posts

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

Mohamed Dilsad

කණ්ඩායමේ දුර්වලතා හදන්න හතුරු ඉවත් කිරීමෙන් හැකිවෙයිද?

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු සංචාරයට යන ක්‍රිකට් ප්‍රධානීන්

Mohamed Dilsad

Leave a Comment