දේශීය

හිරුනිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි [UPDATE]

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවා තිබේ. 

ඒ ඇය අධිකරණයේ පෙනී සිට සමාව ගැනීම හේතුවෙන්.


(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත.   

මෙම වරෙන්තුව කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබේ.

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව අද අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය.

කෙසේවෙතත් වරෙන්තුව නිකුත් කර විනාඩි කිහිපයකට පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවට පැමිණ තිබුණු බව වාර්තා වෙයි.

නඩුව වැඩිදුර විභාගය ලබන ජූනි 17 වනදා සිදුකිරීමට නියමිතයි.

 

Related posts

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පහළට

Editor O

Leave a Comment